April 26, 2024

මව්පිය ආශිර්වාදයෙන් මංගල ගමන යන්න හිටපු පෙම් යුවළ හදිසියේම අවසන් ගමන් යයි

මරණය අපි කවුරුත් නොසිතන වේලාවකදී ඇවිත් ජීවිතයක් අරන් යනවා. ඒ කොයි මොහොතක කුමන ස්ථානයකදී කියලා කාටවත් කියන්නට බැහැ.

ඒ විදිහට කාත් කවුරුවත් නොසිතපු වෙලාවකදී ආදරණීය පෙම් යුවලක් පහුගිය 12 වැනිදා ජීවිතය හැරදාලා ගියා.

මෙයාලා දෙපාර්ශවයේම දෙමාපියන්ගේ ආශිර්වාද මැද තවත් ටික දවසකින් විවාහ කර ගැනීමට හිටපු යුවළක්.

පහුගිය 12 වැනිදා හවස 5ට විතර මේ යුවළ තමන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ටිපර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වුණා.

මීගහතැන්න පොලිස් වසමේ කොක්කුඹුරදී සිද්ධ වෙච්ච මේ අනතුරින් මියගියේ පැලවත්ත ගොරකදූව, ජනපද මාවත පදිංචිව සිටි 26 හැවිරිදි විද්‍යුත් මාධ්‍ය වේශ නිරූපණ ශිල්පියකු වූ ජනක කුඩාආරච්චි හා 21 හැවිරිදි කුම්බදූව පදිංචිව සිටි සකුරා මධුවන්ති නමැති තරුණියයි.

සිදුවීම වෙච්ච දවසේ මධුවන්ති නමැති මේ තරුණිය පෞද්ගලික පංතියකට සහභාගි වෙලා නිවස බලා යමින් සිටියදී එතනට මිතුරකුගේ යතුරු පැදියකින් ආපු තරුණයා අගලවත්තට යන බව පවසා නිවසින් පිටත්ව ඇවිත් තිබෙන්නේ.

එහිදී මීගහතැන්න අගලවත්ත මාර්ගයේ කොක්කුඹුර අනතුරුදායක වංගුව පසුකරද්දී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ හැපීමෙන් තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුන අතර, තරුණිය නාගොඩ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් තිබෙනවා.

මේ සිදුවීම සැලවීමත් එක්ක ජනකගේ වගේම මධුවන්තිගේ පවුලේ අය වගේම යහළු හිත මිත්‍රාදීන් දැඩි කම්පනයට පත්වුණා.

එයාලා තමන්ගේ ශෝකය මුහුණු පොතෙන් සමාජයට කිව්වේ මේ විදිහටයි….

Rate this item
(1 Vote)
Last modified on Friday, 17 March 2017 14:39