May 05, 2024

ගම්වාසීන්ගෙන් බිංගිරිය පොලීසියට එල්ල වූ දරුණු ප්‍රහාරය මෙන්න (VIDEO)

පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කරමින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට එරෙහිව ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (07) රාත්‍රියේ බිංගිරිය පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

පොලීසිය දෙසට ගල් ප්‍රහාර එල්ල කරමින්, පොලීසිය ඉදිරිපිට මාර්ගයේ ටයර් පුළුස්සමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.

පෙරේදා රාත්‍රියේ බිංගිරිය - ප්‍රසන්නගම ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්විය.

පසුව අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලදි.

මේ වන විට සිද්ධියට අදාළ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු පසුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාවය සඳහා පැමිණි පුද්ගලයන්ගේ බවට සැක කෙරෙන යතුරුපැදි 20කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

Rate this item
(0 votes)