May 05, 2024

ලොව වටා ගිය කාන්තා ගුවන්යානය ගිනස් පොතට

කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් ගුවන් යානා කාර්ය මණ්ඩලයක් ප්‍රථම වතාවට ලොව වටා ගුවන් ගමනක් මෙහෙයවූ බව ඉන්දීය ගුවන් සමාගමක් පවසයි.

පසුගිය සඳුදා ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ගුවන්තොටුපළ දක්වා පියාසර කළ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානය සිකුරාදා නැවත දිල්ලි නුවර වෙත පැමිණියේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් සමගය.

බෝයින් 777 වර්ගයේ යානය පැසිෆික් සාගරයට ඉහළින් ඇමරිකාව බලා පියාසර කළ අතර ආපසු ගමනේ දී මුළු පෘථිවිය වටා ගමන සම්පුර්ණ කරමින් අත්ලාන්තික් සාගරයට උඩින් පියාසර කරමින් ඉන්දියාව බලා පැමිණියේය.

එම ගුවන් චාරිකාව ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කිරීම සඳහා අයදුම් කර ඇති බව එයාර් ඉන්දියා සමාගම පවසයි.

Rate this item
(0 votes)