May 05, 2024

මහ පල්ලමෙන් නොකියාම බැස ගිය ගුරු මාතාව (VIDEO)

‘නිමාවක් තබන්නට පෙර අහස

නොකියාම බැස ගියේ ගුරු තරුව

හැම තැනම මැවෙන ඒ සිනාවත

කඳුළු එක්තැන් කළා නුඹෙ නමට’

 

‘ඉස්කෝලේ දරුවන්ට අම්මා වු පිනම

නිවන් යන්නට ඇතියි සසරමග කෙටිව

සමුදෙන්න බැරිව හඬන අපි මග දිගට

එක වරක් හමුවෙලා යන්න ආයෙමත් එන්න’

 

කුරුකුදේ සාරිපුත්ත මහා විද්‍යාලයේ නමින් සමාජ ජාල අතරේ කතාබහට ලක්ව ඇති මේ කවිය මගින් ශෝකය පළ කර ඇත්තේ තමන්ගෙන් අකාලයේ සමුගත් ගුරුවරියක් වෙතයි.

සාරිපුත්ත මහා විද්‍යාලයේ නන්දනී දිසානායක නම් ගුරුවරිය බණ්ඩාරවෙල සිදුවූ අනතුරකින් ජිවිතක්ෂයට පත්වූයේ සිය දියණිය සමග කාරය පදවමින් සිටියදීයි.

ප්‍රපාතයට පෙරළී ගිය කාරය නිසා ගැබිණියක ද වූ ඇය ජිවිතයෙන් සමුගත් අතර දියණියට හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)