May 05, 2024

දෙවැනි කසාඳය ගැන වික්ටර් හෙළිකරයි - මේක මාස්ටර් ප්ලෑන් එකක් පුතා කියයි (VIDEO)

සියලු දෙනාගේ හදවත්වලට මියුරු හඬින් ආමන්ත්‍රණය කළ වික්ටර් රත්නායකයන් දෙවැනි විවාහයකට පිවිසීමෙන් පසු බොහෝ දෙනෙකුගේ අවධානය  ඔහු වෙතට යොමුවී තිබෙනවා. ඔහුගේ දෙවන විවාහයෙන් පසු  බාල පුත් ලෙළුම් රත්නායක සමාජ මාධ්‍යයට එක්කල පියාගේ වියෝව මාර්තු 1 දා යනුවෙන් තැබූ සටහන ද බොහෝ දෙනෙකුගේ සාකච්ඡාවට ලක්වූ  කරුණක්.  

මෙම ප්‍රකාශ පිලිබඳ අදහස් දැක්වූ ප්‍රවීණ සංගීතවේදියා ප්‍රකාශ කලේ දෙවන විවාහයක් සිදු කර ගැනීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවයි. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම වෙබ් අඩවිවල පළවන විවිධ ප්‍රචාර සම්බන්ධයෙන් ද තමා දැනුවත් බවයි ඔහු සඳහන් කලේ.

කිසිදු ආකාරයකින් එවැනි ප්‍රචාර පිළිබඳ තමා දුක් නොවන බව ආචාර්ය වික්ටර් රත්නායකයන් කියාසිටියා. දෙවැනි විවාහයකට පිවිසීමෙන් පසු සිය දරුවන් උරණ වු බව පැවසෙන ප්‍රකාශය මෙන්ම දරුවන් සමග තවදුරටත් තමන්ගේ සම්බන්ධයක් නොමැති බවට කර ඇතැයි කියන ප්‍රකාශය පිළිබඳව ද ඔහු පැහැදිළි කලා.

ප්‍රවීණ සංගීතවේදියා අවධාරණය තමන් එවැනි කිසිදු දෙයක් ප්‍රකාශ කර නොමැති බවයි. තමන් කිසිවකුට දෝෂාරෝපණය කර නොමැති අතර දරුවන් තමන්ට දෝෂාරෝපණය කිරීමට හේතුව ඔවුන් ගෙන්ප්‍රශ්ණ කල යුතු බවයි ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් වැඩිදුරටත් සඳහන් කලේ.

මේ පිළිබඳ වික්ටර් රත්නායකගේ බාල පුත් ලෙළුම් රත්නායක කළ හෙළිදරව්ව පහතින්

Rate this item
(0 votes)