May 05, 2024

වික්ටර් රත්නායක මියගියබවට පුතාගේ ෆේස්බුක් සටහනේ ඇත්ත හෙළිවෙයි

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක මහතා තමාගේ පියා මියගිය බවට ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබීමත් සමඟ ඒ පිළිබඳව විශේෂ කතාබහක් ඇතිවී තිබේ.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය බවයි. එම ෆේස්බුක් සටහනත් සමග මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති අතර 

මේ සටහන හරහා බොහෝ දෙනෙක් විවිධ ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙය බොහෝ දෙනෙකු අතර ආන්දෝලනයට ලක්වූ කරුණක් වී ඇත.

මේවනවිට එහෙම සිදුවීමක් නොවුණු බව කවුරුත් දන්නා කරුණක්. 

කෙසේ වෙතත් මෙලෙස තම පියා මියගිය බවට ෆේස්බුක් සටහනක් තැබීමට පෞද්ගලික හේතු කිහිපයක් ඔහු පසුව ප්‍රකාශ කර තිබේ.

වික්ටර් රත්නායක පසුගියදා 33 හැවිරිදි තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බව වාර්තා වන අතර වික්ටර් රත්නායක මහතාගේ සහ එම තරුණියගේ ආදර සම්බන්ධය වසර 9 ක පමණ පැරණි එකක් බවත් දැනගන්නට ලැබී ඇත.

වික්ටර් රත්නායකයන්ගේ බිරිඳගේ දානමය පිංකමක් නිවසේ පවත්වා ඇති අතර ඊට වික්ටර් රත්නායක සහභාගී වීමට අවස්ථාවක් නොලැබීම නිසා ඔහු දැඩි සිත්තැවුලෙන් සිටි බවද වාර්තා වේ. 

මේ හේතුන් නිසා ලෙලුම් රත්නායක මහතාද දැඩි සිත්තැවුලට පත්ව මෙම ෆේස්බුක් සටහන තබා ඇති බවටයි මේවන විට වාර්තා වී ඇත්තේ.

ලෙලුම්ගේ ෆේස්බුක් සටහන සහ ඊට ලැබුණු ප්‍රතිචාර කිහිපයක් මෙන්ම පසුව ලෙලුම් රත්නායක තැබූ ෆේස්බුක්  සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 March 2017 09:10