May 08, 2024

වසර එක හමාරක සිඟිති දියණිය පියගැටපෙළන් වැටී මියයයි (VIDEO)

දිඹුල පොලිස් වසමට අයත් කොටගල රොසිටා වතුයායේ දෙමහල් නිවසක පියගැට පෙලින් පහතට වැටි අවුරුදු එකහමාරක දැරියක් මියගොස් ඇති බව දිඹුල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වස්මිලා නැමැති දැරියකි. 

ඊයේ (01) රාත්‍රී 8.00 පමණ උඩුමහලේ සිටි දැරිය පියගැට පෙලෙන්  පහළට වැටිමත් සමග බරපතල ලෙස තුවාල වී ඇති අතර දැරිය දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු දැරියගේ තත්ත්වය බරපතල නිසා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකරු යවන අවස්ථාවේ ඇය මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පවුලේ දෙවැනි දරුවා බවයි ඥාතීහු පවසති.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 March 2017 14:02