May 09, 2024

ක්‍රිකට් ලොව විශ්මයට පත් කරමින් පතාක යෝධයෙක් කරළියට (VIDEO)

පසුගිය දිනෙක (27) එංගලන්ත කණ්ඩායම සහ St Kitts කණ්ඩායම අතර පුහුණු එක්දින තරගයක් පැවැත් වූ අතර එම කණ්ඩායමේ සිටින එක් ක්‍රීඩකයෙක් පිළිබඳව මේ දිනවල මහත් කතාබහක් ඇතිව තිබේ. 

මෙම පිතිකරුවා දැකීමෙන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් විශ්මයට පත්ව තිබෙන බවද වාර්තා වේ.

Rahkeem Cornwall නැමති මෙම ක්‍රීඩකයා තුන් ඉරියව්වෙන් දස්සකම්පාන ක්‍රීඩකයෙක් වන අතර මොහුගේ බර කිලෝ 140කි. 

වයස අවුරුදු 24 ක් වන මොහුට වේගයෙන් පන්දුවට පහරදීමේ හැකියාව තියෙන අතර යෝධ හයේ පහරවල් ඔහුගේ පිත්තට සුළු දෙයක් බව ද සඳහන් වේ.

Rahkeem Cornwall මෙවර එංගලන්තය සමඟ තිබෙන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තියෙන බවද වාර්තා වේ.

St Kitts ක්‍රිකට් කණ්ඩායම යනු කොදෙව්වන්ගේ ප්‍රාන්ත කණ්ඩායමකි.

ඔහුගේ පිතිහරඹය පහත වීඩියෝවෙන් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 March 2017 13:10