May 08, 2024

සමයං ඝාතනය කළ පාතාල ලොක්කන්ගෙන් මියගිය අයගේ පවුල්වලටත් තර්ජන (VIDEO)

පසුගිය 27 වන දින වෙඩි තැබීමකින් මිය ගිය පාතාල නායක අරුණ දමිත් උදයංග පතිරණ නොහොත් රනාලේ සමයංගේ දේහය නිවසට රැගෙන විත් තිබේ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් පැමිනෙමින් සිටින අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

ඒ අතරින් මියගිය සමයංගේ කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු දේහයන් මේ වන විට කොරතොට මුතුලන්දවත්ත, කෝන්ගහවත්ත, අල්විස්වත්ත යන ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ නිවෙස්වල තැන්පත් කර ඇති අතර අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයංගේ දේහය කැලණියේ පිහිටි ඔහුගේ බිරිඳගේ ඥාති නිවසක තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් තවත් සාමාජිකයෙකුගේ දේහය ශාන්තාලෝකගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන නොඑන ලෙස වෙඩි තැබීම සිදුකළ අංගොඩ ලොක්කාගේ කල්ලිය යැයි කියන පාතාල කල්ලියෙන් තර්ජනය කර ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

එම නිසා නිවැසියන් ඔහුගේ දේහය මෙතෙක් භාරගෙන නැහැ.

මේ අතර පාතාලයේ බිහිසුණු බව ප්‍රදර්ශනය කළ සමයංගේ ඝාතන සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

දේහයේ ඡායාරූප පහතින්

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 March 2017 16:53