May 08, 2024

වෙඩි පිට වෙඩි මැද කළුතර සිද්ධියෙන් දිවි ගලවා ගත් රියදුරු කියන කථාව (VIDEO)

February 28, 2017

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා අරුණ දමිත් උදයංග හෙවත් සමයං ඇතුළු රැදවියන් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයට කළුතර බන්ධනාගාරය ආසන්නයේදී ඊයේ උදෑසන 8.30ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල විය. 

එහිදී දිවිගලවාගත් බන්ධනාගාර බස් රථයේ රියදුරු පාලිත තෙවරප්පෙරුම මහතා සමඟ කළ කතාබහක් පහත වීඩියෝවෙන් නරඹන්න.

වෙඩි ප්‍රහාරයට ලක්‌වූ බන්ධනාගාර බස්‌රථයේ රියදුරු ජනිත් දිලංක මහතා පොලිස්‌ නිලධාරීන් හමුවේ කියා සිටි කථාව පහතින්,

බන්ධනාගාරයේ සිට කඩුවෙල උසාවියට රැඳවියන් රැගෙන බස්‌ රථය පිටත් වුණා. වෙලාව උදේ 8.20 ට විතර ඇති. එකපාරට කැබ් එකක්‌ පාර හරහා දැම්මා බසය නතරකරගත් පොලිස්‌ නිල ඇඳුමින් සැරසුණු පිරිසක්‌ දිගට හරහට බසයට වෙඩි තැබුවා 

වෙඩි තැබූ පිරිසෙන් දෙදෙනෙක්‌ බසයට නැග සමයංව අල්ලා ගෙන බසයේ පාපුරුවට ඇදගෙන විත් වෙඩි තැබුවා. පසුව ඔවුන් පලාගියා.

සිද්ධිය සම්බන්ධයෙන් අසල පදිංචි කාන්තාවක්‌ අදහස්‌ දක්‌වමින් මෙසේ කීවාය.

මමයි දුවයි ගෙයි ඉන්නකොට රතිඤ්ලු පත්තුවෙනවා වගේ සද්දයක්‌ ඇසුණා. දොරකඩට ඇවිත් බැලුවා මඟුල් ගේකුත් නැහැනේ. බලනකොට බන්ධනාගාර බස්‌ දෙකක්‌ තිබුණා. මම කිව්වා මොකක්‌ හරි ප්‍රශ්නයක්‌. බන්ධනාගාර බස්‌ එක ඇතුලේ කෑගහනවා වගේ ඇහුණා. ඊට පස්‌සේ මම දුවත් අරන් දිව්වා.

එම කාන්තාවගේ පුතා සිද්ධිය පිළිබඳව මෙසේ කීවේය.

මම පුතා මොන්ටිසෝරි ගෙනියන්න හදනකොට රතිඤ්ලු පත්තු කරනවා වගේ සද්දයක්‌ ඇහුණා. ඒ එක්‌කම අපේ ගෙදරටත් වෙඩි උණ්‌ඩයක්‌ වැදුණා. මම පුතාවත් අරගෙන ගිහින් දොර වැහුවා. ඊට පස්‌සේ තමයි ජනේලයටයි, බිත්තියටයි වෙඩි වැදුනේ. අපට මුකුත් හිතාගන්න බැරිව ගියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 February 2017 13:59