May 02, 2024

සීගිරියේ වැසිකිළි දුර්ගන්ධය දෝරේ ගලා යයි - සංචාරකයින්ට එපා වෙයි

February 23, 2017

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සදහා නොමිලේ ලබාදී තිබෙන වැසිකිලි කැසිකිලි දෙකේම වලවල් උතුරා යාම නිසා සංචාරකයන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වෙයි.

විදේශීය සංචාරක වාහන නැවතුම්පල පිහිටි සිගිරිය මොරගමුල වැසිකිලි පද්ධතිය පිරිමි වැසිකිලිය වසා දමා ඇති අතර සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට එන විදේශිකයන්ට එහි සිටින සේවකයකු ‘කැලෑවට යන‘ පැවසූ බව වාර්තා වෙයි.

ඇතැම් විදේශිකයෝ බැන වදින අතර තවත් පිරිස ‘මේ ඉන්දියාවද‘ යන්න විමසති .

එම ස්ථානයේ වැසිකිලි වලවල් උතුරා ප්‍රදේශය පුරා දුර්ගන්ධය පවතී. එම ස්ථානයේ විවෘතව පවතින ‘කාන්තා වැසිකිලියට ඇතැම් පිරිමි බලෙන් යන අතර‘ කාන්තාවන් පිරිමින් අතර ගැටළුද පැනනගින බව සංචාරක මග පෙන්වන්නෝ කියති .

අනෙක් වැසිකිලිය පිහිටා ඇත්තේ සිගිරිය නැරබීමට ‍ප්‍රවේශපත්‍ර ලබාදෙන ස්ථානය ආසන්නයේය. එය විවෘතව පැවතියද වැසිකිලි වලවල් උතුරා ප්‍රදේශය පුරා දුර්ගන්දය පවතින අතර වැසිකිලිය පිටුපස අපද්‍ර‍්‍ය දොරේ ගලන ආකාරය දැකගත හැකිය.

එසේ උතුරන අපද්‍ර‍්‍ය සහිත ජලය කසුප් රජු කරවූ බව කියන මඩ දියාගලට ගලායනු දැක ගත හැකිය ,මඩ දිය අගලේ ජලය එකතු වන්නේ අනුරාධපුර නගරය ආසන්නයෙන් ගලා බසින මල්වතු ඔයටය .මල්වතු ඔයේ ආරම්භය සිගිරියෙනි .

සිගිරිය පාලනය වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි ,එක් විදේශිකයකු සිගිරි නැරඹීම සදහා මධ්‍යම සංස්කෘතික අරමුදලට රු 4500ක මුදලක් ගෙවිය යුතුය ,දේශීය සංචාරකයකු රු 50ක මුදලක් ගෙවිය යුතුය .

වැසිකිලි මේ තත්වයට පත්ව ඇත්තේ මේ දිනවල විශාල වශයෙන් විදේශිය සංචාරකයන් පැමිණීමත් සමග වැසිකිලි වලවල් පිරිම නිසාවෙන් බවත් වලවල් ඉවත් කිරීම් සිදු කරනු ලබන ගලී රථයට මිට පෙර ඉවත් කරන ක්‍රියාවලියට ගෙවීම් ප්‍රමාදය නිසා බවය .එම හි‍ඟය රුපියල් 45000කට ආසන්න බව දැනගන්නට තිබේ .

සිගිරිය නැරබීම සදහා දිනකට 1500කට අධික සංචාරකයන් පිරිසක් පැමිණෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සේවකයෝ කියති .

එහෙත් මේ සංචාරකයන්ගෙන් ලබාගන්නා මුදලට හෝ පහසුකම් සැලසීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට නොහැකිවීම විසා ‘විදේශීය සංචාරකයෝ රට පිළිබඳව දැඩි පිළිකුල ප්‍රකාශ කරන බව‘ සංචාරක මග පෙන්වන්නෝ කියති .

මේ තත්වයන් ගැන විමසීම සදහා අප සීගිරියේ මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කළමනාකාර උපුල් ශාන්ත පැවසුවේ ගෙවීම් කිරීම සදහා අවශ්‍ය අනුමැතිය 22 දින ලැබී තිබෙන බවය.

මේ ස්ථාන වල අලුතින් වැසිකිලි පද්ධතිය ඉදිවෙමින් පවතින බවය .මල්වතු ඔයට ගලායන අප ජලය නැවතීමට තමන් වහාම පියවර ගන්නා බව කිවේය , එක දිගටම ගලි රථ යොදාගෙන වැසිකිලි වලවල් ඉවත්කිරීම සිදු කල බවද කිවේය .

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 February 2017 13:48