May 02, 2024

පෘතුවියට සමාන ග්‍රහලෝක රැසක් එකවර සොයාගනී - ගූගල් ලාංඡනයත් වෙනස් වෙයි (VIDEO)

February 23, 2017

පෘථිවියට සමාන ග්‍රහලෝක හතක් නාසා ආයතනය විසින් සොයාගෙන තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ග්‍රහලෝක 7 ම සමාන්තරව එක් තරුවක් වටා භ්‍රමණය වීමද විශේෂත්වයක් බවයි.

මීට පෙරද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන තිබුණද එකවර ග්‍රහලෝක 7 ක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි. 

මෙමඟින් පෘථිවියෙන් පිටත ජීවය පිළිබඳව නව බලාපොරොත්තු තබාගත හැකි බවටයි නාසා විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ.

අදාළ ග්‍රහ ලෝක මණ්ඩලය ආලෝක වර්ෂ 40ක දුරින් පවතින බවයි මේ වන විට සොයාගෙන ඇත්තේ.

මේ අතර NASA ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රහ ලෝක 7න් 3ක් මිනිස් වාසයට ඉතාමත් සුදුසු මට්ටමක පවතින බවයි.

අදාළ ග්‍රහලෝක තුළ ජලය සහ වාතය ඉතාම හොඳ තත්වයක පවතින බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. 

මේ අතර එම ග්‍රහලෝක 3 අතරින් එක් ග්‍රහ ලොවක් පෘථිවියට සෑම අතින්ම සමාන බව එම වාර්තාවේ සඳහන්.

මේ අතර මෙම සොයාගැනීමත් සමඟ ගූගල් ආයතනය Google doodle ද වෙනස් කර තිබෙනවා.

අදාළ ග්‍රහ ලෝක 7 පහතින්.

Rate this item
(0 votes)