May 02, 2024

නවක වදය දෙන්න හිතෙන ලෙඩ 10ක් මෙන්න

February 22, 2017

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වදය ලබාදීම සම්බන්ධයෙන් සිසුන් 15ක් රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර මේ වන විට ඔවුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටිනවා.

මේ අතර වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ නවක වධය දීම මානසික රෝගයක්‌ බවයි.

ඒ පිළිබඳව ඔහු සවිස්තරාත්මකව පැහැදිලි කරන අතර මෙලෙස නවකවදය ලබාදීමට හේතු කිහිපයක් බලපාන බව ඔහු පෙන්වා දෙයි.

ඒ අතර

1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්‌ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්‌මෝර්ක්‌ තත්ත්වය)

2) පෞරුෂ අක්‍රමිකතා

3) ළමා කාලයේ කාංසාමය තත්ත්වයන්ට යොමු වී තිබීම. මාතෘ / පීතෘ දුරස්‌ථකරණයට ලක්‌ වීම, අපයෝජනයන්ට ලක්‌වී තිබීම.

4) බාහිර ක්‍රියාකාරකම් නිර්මාණශීලීතාව වැනි දක්‌ෂතා අඩු බව, අව ආත්ම සම්මානය

5) කණ්‌ඩායම් තත්ත්ව වලදී ඉස්‌මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීමට අන් අයගේ අවධානයට ලක්‌ වීම සඳහා ඕනෑම අවදානමක්‌ කර ගැසීම, කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව.

6) තමන් කෙරෙහි මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය

7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය

8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය (සියල්ල කලු සුදු ලෙස දැකීම)

9) අඩු සහනුභූතිය

10) පරපීඩා කාමුකත්වය

වැනි කරුණු මූලිකව බලපාන බව ඔහු පෙන්වා දෙයි. ඇතැම් විට නවක වධයට ලක්‌වූ වින්දිතයන් නවක වධය කෙරෙහි මෙන්ම තමන්ව වධයට පත්කළ වධකයන් කෙරෙහි ආශක්‌තවීම මෙන්ම නවක වධය සොඳුරු අත්දැකීමක්‌ ලෙසට අර්ථකථනය කිරීමත් දක්‌නට ලැබෙන බව වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)