May 02, 2024

රාජපක්ෂ පොල් පෙන්වයි - පළාත් සභාව උණුසුම් වෙයි

February 22, 2017

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා පොල් බෑ දෙකක් පළාත් සභා රැස්වීමේදී ප්‍රදර්ශණය කරමින් අත්‍යවශ්‍ය බඩු මිළ ඉහළ යාම සම්බන්ධයෙන් වේගවත් ලෙස තම අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඊයේ (21) පළාත් සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.

මධ්‍යම පළාත් සභා සභාපති එල්.ඩි නිලමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ගර්භයේදී මාසික රැස්වීම ආරම්භ වූ අතර මන්ත්‍රීවරයා පුද්ගලික අදහස් දැක්වීමේදී පොල් බෑ දෙක ප්‍රදර්ශණය කරමින් සඳහන් කළේ වර්තමාන යහපාලන රාජ්‍ය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ රජය යටතේ නොමැති ඒකාධිකාරියක් විසින් පාලනය කරන බවයි.

"එදා 1977 හිටපු අගමැති ආර්. ප්‍රේමදාස මහතා කීවා පොල් ගෙඩිය ශත 70 ට දෙනවා කියලා. අද වසර ගණනාවකට පසු ඒ රජයක් යටතේ පොල් ගෙඩිය ශත 70ට නොව රුපියල් 80 කටත් වඩා ඉහළ ගිහිල්ලා. අරකට මිළ පාලනය මේකට මිළ පාලනය කියල හාල්මැස්සෝ අල්ලනවා. තෝරු මෝරු රජයේ දැල් යටින් රිංගනවා. අද මහනුවර පොල් ග්‍රෑම් 100 රුපියල් 20ත විකුනනවා. බඩු මිළ අහස උඩට නැගලා. රාජ්‍ය තියෙනවා පාලන මිලට හාල් තියෙනවලු. කොහෙද තියෙන්නේ සතොසට ගිහිල්ලා පෝලිමේ හිටියම හාල් කිලෝ 05ක් පාලන මිලට දෙනවා"  යැයිද රාජපක්ෂ මහතා එහදී පැවසීය.

 
Rate this item
(0 votes)