May 03, 2024

සුමනදාසගෙ සුරෙන් මට කෙළවෙයිද? (VIDEO)

February 21, 2017

අල්ලස් හා දූෂණ කොමිසම විසින් තමා පැළඳ සිටි සුරයක් ගැන ප්‍රශ්න කළ බවත් එම සුරය ලබා දුන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ජ්‍යොතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබා දීමට ඊයේ (20) එම කොමිසම වෙත පැමිණි හෙතෙම මේ බව පැවසීය.

" හොදම වැඩේ ඒක නෙවෙයි. මට දාපු සුරයක් ගැන ඇහුවා.. හැබැයි ඉතිං වැඩේ වෙලා තියෙන්නේ සුරේ දැම්මේ සුමනදාස මහත්තයා.. දැන් මම බැලුවා නැකත දීලා තාත්තාට කෙළ උනා.. සුරේ දාලා මට කෙළවෙයිද දන්නෑ හෙට අනිද්දා වෙනකොට" යැයි හෙතෙම තවදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 February 2017 07:42