May 03, 2024

ලංකාවේ රුපියල ඉතියෝපියාවටත් බාල්දු වෙයි

February 16, 2017

පසුගිය දිනෙක ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දේශපාලනික, වෙළඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීමේ අරමුණින් ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමෙන් වෙළඳ, ආයෝජන හා සංචාරක කටයුතුවල වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව, විදේශ කටයුතු අමාත්‍ය සමරවීර මහතා එහිදී ප්‍රකාශ කළේය.  

එමෙන්ම ඉතියෝපියානු කර්මාන්තවල කටයුතු කිරීම සඳහා පුහුණු හා අර්ධ පුහුණු  වෘත්තිකයන් සැපයීමට ශ්‍රී ලංකාවට හැකිවන බව හෙතෙම පැවසීය.

අනාගතයේ දී ද්විපාර්ශ්වික සහයෝගිතාව ඇති කර ගැනීම සඳහා ඇති ක්ෂේත්‍ර වශයෙන් කෘෂි කර්මාන්තය, කෘෂි නිශ්පාදන කටයුතු, ඇඟලුම් කර්මාන්තය හා සන්නිවේදනය හුවා දක්වන ලදී.

මේ අතර අප කළ සොයා බැලීමකදී දැකගත හැකි වූයේ මේ වන විට සඳහන් වන විනිමය අනුපාතයන්ට අනුව ඉතියෝපියානු බර් 1 ක වටිනාකම ශ්‍රී ලංකානු රුපියල් 6.68667 අගයක් ගෙන ඇති බවයි.

කෙසේ වුවද රුපියලේ අගය දිනපතා බාල්දු වෙමින් ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තින්හි ඇති වරදක් නිසා නොවන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණ.

මේ වන විට ඩොලරයට හා ඉතියෝපියානු බර් සඳහා ඇති විනිමය අනුපාතය පහතින් 

 
Rate this item
(0 votes)
Last modified on Thursday, 16 February 2017 15:51