May 02, 2024

ලෝක සිතියමට නව මහද්වීපයක්

February 16, 2017

ලෝකයට අලූත් මහාද්විපයක් හඳුන්වාදීමට විද්‍යාඥයින් පිරිසක් කටයුතු කර තිබෙනවා.

නැගෙනහිර ඕස්ට්‍රේලියාව ප්‍රදේශයේ නවසීලන්තය ඇතුළත්වූ ප්‍රදේශයක් නව මහාද්වීපයක් ලෙස නම්කළ යුතු බවයි ඔවුහු පෙන්වා දෙන්නේ.

නව මහාද්විපය ඔවුන් සීලැන්ඩියා ලෙස නම් කර තිබෙනවා.

නවසීලන්තය හා නව කැලෙඩෝනියාට ඇතුළත්ව නව මහාද්වීපය නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

භූ විද්‍යාඥයින් 11 දෙනෙකු විසින් මෙම නම් කිරීම සිදුකර ඇති අතර පැසිෆික් මුහුදේ පිහිටා ඇති වර්ග කිලෝමීටර් මිලියන 4.9ක භූමියක් නව මහාද්වීපයක් ලෙස නම්කර තිබෙනවා.

අප්‍රිකාව, ඇන්ටාක්ටිකාව, ඔස්ටේ්‍රලියාව, උතුරු අමෙරිකාව, දකුණු ඇමෙරිකාව, යුරෝපය හා ආසියාව ලෙසින් මේ වන විට ලෝකයේ පිළිගත් මහාද්වීප හතක් පවතිනවා.

ඒ අනුව සිලැන්ඩියා මහාද්වීපය ලෝකයේ කුඩාම මහාද්වීපය විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

zealandia plate tectonics continent map gsa today

Rate this item
(0 votes)