May 06, 2024

දැරියගේ අනවශ්‍ය තැනක් මිරිකා පැනගිය තරුණයාට ගුටි පුජාවක්

February 16, 2017

මව සමඟ අනුරාධපුර නව නගරයේ පිහිටි රාත්‍රි ආපනශාලාවකට ආහාර රැගෙන යෑමට පැමිණ සිටි බාලවයස්කාර දැරියකගේ ශරීරය මිරිකා පලාගිය තරුණයකු අල්ලාගත් නගර වැසියෝ පිරිසක් ඔහුට පෙරේදා (14) රාත්‍රියේ ගුටි පූජාවකින් සංග්‍රහ පැවැත් වූහ.

දැරිය මව සමඟින් අනුරාධපුර නව නගරයේ පිහිටි රාත්‍රි ආපන ශාලාවකට පැමිණ ඇති අතර මව ආහාර රැගෙන ඒමට යතුරුපැදිය නවතා ආපනශාලාවට ගිය අතර දැරිය යතුරුපැදිය උඩට වී වාඩිවී සිටිද්දී තරුණයා එම ස්ථානයට පැමිණ දැරියගේ පිටුපස ප්‍රදේශය අතගා මිරිකා දිව ගොස් තිබේ.

යතුරුපැදිය උඩ වාඩිවී සිටියදී ඇයගේ ශරීරය අතගා මිරිකා තරුණයකු දිව යෑම නිසා බියට පත්වූ ඇය කෑගසද්දී මව ආපනශාලාවෙන් පිටතට පැමිණ සිය දියණියට අතවර සිදු කර පලායන තරුණයා පිටුපස යතුරුපැදියේ නැඟී එළවාගෙන ගොස් යතුරුපැදිය හරස් කර ඔහුව අල්ලාගෙන තිබේ.

ඇය පසුපස පැමිණි ආපනශාලවේ සේවකයන් හා නගරවාසීන් පිරිසක් තරුණයා වටකර අල්ලා ගෙන හොඳ හැටි පහරදුන් අතර පහර පිට පහර කෑ තරුණයා ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී නගරයේ අතුරු මාර්ගයක් ඔස්සේ පලා ගියේය.

Rate this item
(0 votes)