May 06, 2024

සරසවි ඇඳුරුතුමන් ආවේගශීලී වෙයි - බයිසිකලය අල්ලා පොළවේ ගහයි (VIDEO)

February 15, 2017

වයඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට පහරදී තිබෙනවා.

එම සිසුන් දෙදෙනා මාර්ගය අසල සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණෙන කතිකාචාර්යවරයා විසින් එක්වරම මෝටර් රථයෙන් බැසවිත් මෙම සිසුන් දෙදෙනාට පහරදෙනු ලබනවා.

පසුව ඔවුන් එම ස්ථානයෙන් එලවාදමන කතිකාචාර්යවරයා ඔවුන් පැමිණි පා පැදියද විසිකර දමන්නේ දැඩි ආවේගයෙන්.

කෙසේ වෙතත් පසුව අදාළ සිදුවීම පිළිබඳව සිසුන් විසින් පන්නල පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

අදාළ සිදුවීම පිළිබඳව අප පන්නල පොලිසියෙන් විමසා සිටි අවස්ථාවේ එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ අදාල සිදුවීම පිලිබඳ විමර්ශනයක් සිදුකළ බවයි.

එහිදී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන සාක්ෂි විමසා සිදුවීම පිලිබඳව වැඩිදුර විමර්ශනයට සමථ මණ්ඩලය වෙත යොමුකළ බවද පොලිසිය සඳහන් කළා.අදාළ පහරදීම දැක්වෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.

Rate this item
(0 votes)