May 07, 2024

මඟීන් ගෙනගියාට අමානුෂිකව පහරදෙන අයුරු (CCTV දර්ශන)

February 15, 2017

කුරුණෑගල කිරිවවුල ප්‍රදේශයේදී අද උදෑසන බස් රියදුරෙකුට තවත් බස් රථයක රියදුරෙකු අමානුෂිකව පහරදී තිබෙනවා.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථයක රියදුරෙකුයි මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ.

මෙම පහරදීම සිදුකර ඇත්තේ මැල්සිරිපුර සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරෙකුයි.මැල්සිරිපුරදී ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ගමන් කරන බස් රථවලට මගීන් ගැනීම තහනම් බවයි වාර්තාවන්නේ.

එලෙස මගීන් ලබා ගත් බවට පවසමින් අදාළ බස් රථ රියදුරු පහරදී ඇති බවටයි වාර්තා වන්නේ.පහරදීමෙන් තුවාළ ලැබූ බස් රථ රියදුරු මේ වනවිට කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා යකඩ පොල්ලක් රැඟෙනවිත් මෙම රියදුරුට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන බස්රථයේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන් වී තිබෙනවා.

එම දර්ශන පෙළ පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 February 2017 12:52