May 07, 2024

කාලෝ මාමා රන්ජන් බෑණාට දුන් අවවාදය මෙන්න (VIDEO)

February 14, 2017

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (13) දෙරණ නාළිකාවේ දේශපාලන සාකච්ඡාවක් වන අංශක 360 හා එක්විය. 

මෙම සාකච්ඡාවේ අවසානයට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දුරකතනය හා සම්බන්ධ වෙමින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ඔහු ගැන ආඩම්බර වන බවත් කට පරිස්සම් කර ගන්නා ලෙසත්ය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හා රන්ජන් රාමනායක මහතා ඥාතීන් වන අතර මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රන්ජන් රාමනායක අමාත්‍යවරයා ඇමතුවේ බෑණා ලෙසයි.

මෙහිදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා "බෑණේ , ඔයා ගැන මම ආඩම්බරයි, හැබැයි කට ටිකක් පරිස්සම් කරගන්න, ඔයට වඩා ටිකක් සංයමයකින් කටයුතු කරොත් හොඳයි නේද බෑණේ, මට නම් බැහැ තවත් මළ ගමක කතාවක් කරන්න මේ මහළු වයසේ ඉන්න මට" යනුවෙන් පැවසීය.

 


13022017 sn10 by bhagyadinuka2016

Rate this item
(0 votes)