May 04, 2024

කාන්තා හිංසනයට එරෙහිව 'ලක්බිමේ දියණියෝ'

February 13, 2017

ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහනය 56% කට ආ‌සන්න වුවත් ඉන් මේ රටේ නීති ප්‍රතිපත්ති හදන පාර්ලිමේන්තුව නියෝ‌ජනය කරන්නේ ලංකාවේ මුලු ජනගහනයෙන් 5%ක්. 

පළාත් පාලන ආ‌යතන නියෝ‌ජනය කරන්නේ 2%ක්. එයිනුත් තරැණ කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය ඉතාමත් දුර්වල මට්ටමකයි පවතින්නේ.

මෙය සෙසු රටවල් සමග සසදද්දී ඉතා කනගාටුදායක තත්වයක්. එමෙන්ම කාන්තාවන්ට මග තො‌ටේදී, වැඩපො‌ලේදී, නිවසේදී මෙන්ම සයිබර් අවකාශයේදී පවා සිදු වන විවිධ ආ‌කාරයේ හින්සනයන් පිලිබද නීති සකස් නො‌වීමටද රටේ ප්‍රතිපත්ති හදන තීන්දු තීරණ ගන්නා දේශපාලන අධිකාරිය තුළ කාන්තා නියෝ‌ජනය අවම වීම විශාල බලපෑමක් කර තිබෙනවා.

ලක් බිමේ දියනියෝ‌ සංවිධානය මේ රටේ තරැණ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස මෙම තත්වයන් වෙනුවෙන් සිය හඩ එළි දැක්වූයේ මෙලෙසයි.

Be her Voice යන ටැග් ලයින් එක යටතේ මෙම පින්තූර අනතර්ජාලයට මුදා හැර තිබුණා."ඇ‌යගේ හඬ ඔබ අතරට අපේ හඬින් අපි ඇ‌ය වෙනුවෙන්මයි" යන්න මෙම අංගයේ තේමාව වී තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 February 2017 13:20