May 04, 2024

රංගන සහ කැන්ගරුවන් අතර රහස් සාකච්ඡාවක්?

February 08, 2017

ඉන්දියානු තණතිලිවලට මුහුණදෙන ආකාරය පිළිබඳව දැනුවත් වීම සඳහා ශ්‍රී ලංකා - එංගලන්ත සහ නවසීලන්ත දඟ පන්දු යවන්නන්ගෙන් උපදෙස් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සූදානම් වනවා. 

ලබන මසදී ආරම්භ වීමට නියමිත ඉන්දියානු තරඟ සංචාරය ඉලක්ක කර ගනිමින් එරට ක්‍රිකට් බලධාරින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. 

ඕස්ට්‍රේලියාව අවසන් වරට ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී සහභාගි වූ තරඟවලදී ලැබූ පසුබෑමත් සමඟ එම තණතිලි පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තුළ තැතිගැන්මක් පැවතීම මීට හේතුව බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ. 

ශ්‍රී ලංකාවේ රංගන හේරත්, නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි සහ එංගලන්ත කණ්ඩායමේ මොන්ටි පනේසා යන ක්‍රීඩකයන් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මේ වනවිටත් දුරකථනය ඔස්සේ මේ පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

Rate this item
(0 votes)