තම බිරිඳ අනියම් සැමියා සමඟ සිටින අවස්ථාවේ පැමිණි සැමියෙකු දුන් දඬුවමක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම ඉන්දියාවේ සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා Narayan Singh නමැති 38 හැවිරිදි අයෙකු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වයස අවුරුදු 28 ක්වන ඔහුගේ බිරිඳ වෙනත් අයෙකු සමඟ කලක පටන් අනියම් ඇසුරක් පවත්වන බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් පසුව ඔහු විසින් ඇයට එම ඇසුර නවතා දමන ලෙසට උපදෙස් දුන් බවත් ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් කිහිප දිනකට පසුව කුඹුරක ඔහුගේ බිරිඳ අනියම් සැමියා සමඟ සිටියදී ඔහුට හසුවී තිබෙනවා.
එහිදී දැඩි කෝපයට පත් මෙම පුද්ගලයා විසින් තම බිරිඳට පහරදී ඇයගේ ගෙළ කපා දමා ඇති බවටයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.
පසුව තම බිරිඳගේ හිසද අතින් ගෙන මෙම පුද්ගලයා සැතපුම් 5ක පමණ දුරක් ගෙවා පොලිසිය වෙත පැමිණ භාරවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුව එහිදී මෙම ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහුගේ බිරිඳගේ සිරුර කුඹුරේ තිබී හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම පුද්ගලයා පොලිසිය වෙත පැමිණි අයුරු පහතින්.