May 21, 2024

රෝද තුනෙන් ඇවිත් අමානුෂිකව පහරදුන් හැටි (CCTV දර්ශන)

February 08, 2017

කටුගස්තොට - අඹතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

කටුගස්තොට -අඹතැන්න - පහළබොකළවෙල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් ආසන්නයේදී මෙලෙස පුද්ගලයෙකුට පහරදී තිබුණේ පසුගිය 30 වෙනිදායි.

මෝටර් රථයක් තුළ සිටින එම පුද්ගලයාට පහර දෙන්නේ ත්‍රී රෝද රථයකින් පැමිණෙන පිරිසක්.

සිද්ධිය සමතයකට පත් කිරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කරන අතර එම අවස්ථාවේදීද අදාළ පුද්ගලයාට අමානුෂික ලෙස පහර දෙන ලබනවා. 

මෙලෙස පහරකෑමට ලක්වන්නේ වාහන ගරාජ හිමිකරුවෙකු වන එම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

පහරකෑමට ලක්වූ ඔහු කටුගස්තොට සහ මහනුවර රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ සිදු කරනවා. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 February 2017 13:43