May 17, 2024

දිසාපතිට තේ බොන්න පෙරපාසල් දරුවන් එළියට දාලා

February 07, 2017

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් වරයාගේ පිළිගැනීමේ උත්සවයක තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමට පෙරපාසල් ගොඩනැගිල්ල අවැසි බව පවසා බකමුණ අතර  ගල්ලාව සංස්කෘතික මධ්‍යස්ථානයේ පෙරපාසල් දරුවන් 33ක් හා ගුරුවරිය 06 දින උදේ ඉවත් කර තිබෙන බව දෙමාපියෝ කියති.

පසුව දරුවන් පිරිස පන්සලේ බෝ ගස යටට රැගෙන ගොස් ඉගැන්වීම් කටයුතු කල බව දෙමාපියෝ පැවසූහ. 

මේ පිළිගැනීමේ උත්සවය මිට මාස කීපයකට පෙර සංවිධානය කල එකක් බවත් 06 දින උදේ දරුවන් පෙරපාසලට පැමිණෙන තුරු කිසිදු දැනුම්දීමකින් තොරව දරුවන් හා ගුරුවරිය අපහසුතාවයට පත් කිරීම ගැන දෙමාපියෝ සිය කණගාටුව පලකරන බව කියති ,

මේ පෙරපාසල් ගොඩනැගිල්ල ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සංස්කෘතික ම්‍යස්ථානයට අයත් එකකි.

මේ පිලිබදව ඇලහැර ප්‍රදේශීය ලේකම් එස් . එම් .කේ .කුමාරිහාමි මහත්මියගෙන් විමසීමේදී පැවසුවේ සස්කෘතික මධ්‍යස්ථානය භාර නිලධාරිනිය හා පෙරපාසල් ගුරුවරිය අතරේ පවතින පුද්ගලික ආරවුලක් මත මේ සිදුවී තිබෙන බවත් , තමන් වහාම මේ පිළිබඳව සොයා බලන බවත් පැවසුවාය.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා අතරගල්ලව පාසලේ ආදී සිසුවකු නිසා දිසාපති වරයෙකු ලෙස තමන්ගේම දිස්ත්‍රික්කයට පත්වීම් ලැබීම සතුට පළකරමින් ඔහු පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

දඹුල්ල කාංචන කුමාර 

 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 February 2017 16:41