May 17, 2024

උපන්දිනය දා කුසල්ගේ නිවස සොරු බිදී

February 06, 2017

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අයත් ගොරකානේ පිහිටි නිවස සොරු බිඳ තිබේ.

කුසල්ගේ උපන් දිනය යෙදී තිබූ දිනයේදීම මෙම සොරකම සිදුව ඇති බව වාර්තා වෙයි.

නිවසේ තිබූ රන් මුදු 06ක්, රන් වළලු 03 ක්, මාල දෙකක් සොරුන් විසින් රැගෙන ගොස් ඇති අතර කුසල් මෙන්ඩිස්ගේ මාලය සහ පෙන්ඩනය ද සොරාගෙන ගොස් ඇත.

මෙම සිද්ධිය පිළිබඳව මේ වන තෙක් කුසල් මෙන්ඩිස් නොදන්නා බවත් ඔහුව දැනුවත් කිරීමට පවුලේ අය කටයුතු නොකළ බවත් කුසල්ගේ පියා පවසයි.

කුසල් මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටියි.

Rate this item
(0 votes)