May 21, 2024

සොහොන් බිමේ සිට මරණය එන තෙක් මඟ බලන මිනිසා (VIDEO)

February 06, 2017

ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ බෙලියකන්ද ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භුමියේ මල සිරුර මිහිදන් කිරීමට මත්තෙන් තැන්පත් කරන මඩුවේ වසර 20ක කාලයක් ජිවත්වන අපුරු පුද්ගලයකු අපට හමුවිණි .

ඔවු නමින් රණවිර ආරච්චිගේ දොන් ඩේවිඩ් (75) වෙයි .ඔවු පවසනුයේ තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකු ලෙස දිවයිනේ ප්‍රදේශ කීපයක සේවය කරමින් සිටියදී අනුරාධපුර කාර්යාලයේදී ගවමස් කඩ හිමියකුගෙන් රු 300ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවත් ඒ අවස්ථාවේ තමන්ව අල්ලස් හෝ දුෂණ විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව දඩුවම් විද රැකියාව අහිමි වීමත් සමග තමන් කළ වරද වටහාගෙන ඉන් මිදීමට තමගේ ඉගෙනුමෙන් දරුවන්ට නොමිලේ ඉංග්‍රීසි උගන්වා පසුව වරදට දඩුවම ලෙස මිට වසර 20කට කලින් මෙම සොහොනට පැමිණ කව්රුන්හෝ දෙන ආහාර ටිකක් ගෙන මියයන තුරු මේ ස්ථානයේ ජිවත් වන බවය .

වරදක් කරන්නට පෙර එහි පලවිපාක තමන් පසුපස එන බව අවබෝද කරගතයුතු බවද ඔහු කියයි. විවාහයක් පවා නොවූ ඔහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බවත් සියලු නෑදෑ හිතවතුන් අමතක කොට සොහොනට වී මරණය එන තුරු බලා සිටින බව කියයි.

දඹුල්ල කාංචන කුමාර 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 06 February 2017 10:28