May 21, 2024

ටයිම් කීපර් බලය පෙන්වමින් රියදුරුට පහරදුන් හැටි (CCTV දර්ශන)

February 03, 2017

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වන පුද්ගලික බස් රථයක රියදුරුට කැකිරාව බස් නැවතුම්පොලේදි පුද්ගලයන් කිහිප දෙනකු එක්ව පහර දී වාහනයට ද හානි කරන සිද්ධියක් කැකිරාවෙන් වාර්තා වනවා. 

එම සිද්ධියේ සියලු දර්ශන බස් රථයේ සවිකර තිබු සි සි ටි වී කැමරාවේ සටහන් වී තිබුණා.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රභාත් මලින්ද නමැති රියදුරෙක්.

ඔහු පවසන්නේ පුද්ගලයෙකු අනුරාධපුරයෙන් බසයට ගොඩවුණු අතර කොන්දොස්තර මහතා රුපියල් 105 ක ටිකට් පත නිකුත් කළද ඔහු මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් තමන් උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සේවය කරන කැකිරාව බස් නැවතුම්පලේ වෙලා සටහන්කරු යැයි පවසා හැඳුනුම්පතක් පෙන්වූ බවයි.

අනතුරුව තමන් අදාළ පුද්ගයා සිටි තැනට ගොස් විමසූ විට ඔහු තමන්ට පරුෂවචනයෙන් බැන වැදී දේශපාලන බලයද පෙන්වූ බවයි රියදුරු පවසන්නේ.

කෙසේ වෙතත් පසුව මුදල් දී ටිකට්පත ලබා ගත් එම පුද්ගලයා කැකිරාව දක්වා බස් රථයෙන් පැමිණ තිබුණා.

ඉන් අනතුරුව කැකිරාවේදී මැර කණ්ඩායමක් පැමිණ බස් රථයේ සිටි රියදුරාව එළියට ඇද මන්නා පිහියකින් පහර දී තිබෙනවා.

මේ අතර පහරදීමෙ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිද්ධියේ CCTV දර්ශන පහතින්... 

Rate this item
(0 votes)
Last modified on Friday, 03 February 2017 10:40