May 02, 2024

ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවෝ කම්බි වැටෙන් රිංගූ හේතුව මෙන්න (VIDEO)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කපිතාන්වරයෙකු හා කාර්ය මණ්ඩලයට පසුගියදා මදුරායි ගුවන්තොටුපළේදී විකල්ප මාර්ගයකින් යාමට සිදුවීම ඒ මොහොතේ නොවැළකිය හැක්කක් බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමනාකාර දීපාල් පෙරේරා මහතා පවසයි.

ජල්ලිකට්ටු ක්‍රීඩාවට පැනවූ තහනම් නියෝගය ඉවත්කරන ලෙස ඉල්ලා තමිල්නාඩුවේ ප්‍රදේශ කිහිපයක පැවති විරෝධතා අතරවාරයේ මදුරෙයි ගුවන්තොටුපළ ආශ්‍රිත මාර්ගයන්ද අවහිර කරමින් විරෝධතා පැවැත්වීම නිසා  කාර්ය මණ්ඩලයට වෙනත් දුෂ්කර මාර්ගයක් භාවිතා කිරීමට සිදුවූ බව හෙතෙම කියා සිටියි.

කෙසේ වුවද මෙම සිදුවීම නිසා මදුරෙයි ගුවන්තොටුපළ බලධාරීන්ද දැඩි අපහසුතාවට පත්වූ බවත්, එවන් හදිසි අවස්ථාවකදී මෙවන් සුළු දුෂ්කරතාවන් විඳ දරා ගැනීමට සිදුවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

යානයේ පැමිණි මගීන් නියමිත වේලාවට ගොඩබැස්විය යුතුවීම, මහජනයාගේ ආරක්ෂාව හා ඔවුන් අපහසුතාවට පත් නොකිරීම මෙන්ම කාර්ය මණ්ඩලය සේවය කරන පැය 8ක නියමිත කාලය පමණක් බැවින් ඔවුන් නිසි වේලාවට රාජකාරියෙන් නිදහස් කිරීම ද කළ යුතු බවද ඒ අනුව කාලය කළමනාකරණ කරගැනීම අතිශය වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 January 2017 15:39