May 03, 2024

ලෝක ප්‍රසිද්ධ Lambada ගීතය ගැයූ ගායිකාව අභිරහස් ලෙස මියයයි

ලොව පුරා රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය ගීතයක් වූ “Lambada” ගීතය ගැයූ Loalwa Braz මියගොස් තිබෙනවා.

බ්‍රසීලයේ  Saquarema ප්‍රදේශයේ ඇගේ නිවස ආසන්නයේ මෝටර් රථයක තිබියදීයි ඇයගේ මළසිරුර හමුවී ඇත්තේ.

මියයන විට Loalwa Braz 63වන වියේ පසුවූවා.

1989 වසරේදී Kaoma සංගිත කණ්ඩායම විසින් ගායන කළ “Lambada”  ගීතය පෘතුගීසි බසින් ගායනා කළේ Loalwa Braz විසින්.

මෙම ගීතයේ තනුව උපයෝගී කරගනිමින් නිර්මාණය කළ මරියසෙල් ගුණතිලක හා පියල් පෙරේරා ගායනා කරන "ආදරේ ඔබ මා හට ඇතිද කියා" ගීතය ලංකාව තුළද ප්‍රචිලත වුණා. 

කොහොම වුනත් අදාළ මරණය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණය සිදුවූ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1989 වසරේදී ලොව පුරා ජනප්‍රිය වූ Lambada ගීතය සහ ආදරේ ඔබ මා හට ගීතය පහතින් 

 

"ආදරේ ඔබ මා හට ඇතිද කියා" ගීතය

Rate this item
(0 votes)
Last modified on Monday, 23 January 2017 12:19