April 30, 2024

ඌව හාදයෝ මත්පැන් ලීටර් අනූදෙලක්‍ෂයක්‌ බීලා

පසුගිය 2016 වසරේදී ඌව පළාත තුළ බෝතල් රා, අරක්‌කු සහ බීර යන මත්පැන් වර්ග පමණක්‌ ලීටර් 92,48,705.6 ක්‌ භාවිත කොට ඇතැයි ඌව පළාත් සහකාර සුරාබදු කොමසාරිස්‌ පී. එච්. සී. සිල්වා මහතා පවසයි.

එහිදී බෝතල් කළ පොල් රා ලීටර් 17,86,692.5 ක්‌, අරක්‌කු ලීටර් 29,68,448.2 ක්‌ සහ බීර ලීටර් 44,93,564.9 ක්‌ ද භාවිත කොට ඇති අතර බෝතල් රා ලීටර් දසලක්‍ෂයක්‌ පමණ සහ අරක්‌කු හා බීරද වැඩි ප්‍රමාණයක්‌ පාවිච්චි කොට ඇත්තේ බණ්‌ඩාරවෙල, හපුතලේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල බවද මේ සම්බන්ධයෙන් පසුගියදා බදුල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය පැරණි ශ්‍රවණාගාරයේදී පැවැති බදුල්ල දිස්‌ත්‍රික්‌ විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී අදහස්‌ දැක්‌වූ සහකාර සුරාබදු කොමසාරිස්‌වරයා පැවසීය.

තවද මෙම තොරතුරු බෝතල් රා, අරක්‌කු හා බීර සම්බන්ධයෙන් පමණක්‌ වන අතර වෙනත් දේශීය, විදේශීය මත්පැන් වර්ග හා දේශීයව නිපදවන නීති විරෝධී මත්පැන් වර්ග ආදිය ද සැලකූ විට පළාත තුළ මත්පැන් භාවිතය මීට වඩා විශාල ප්‍රමාණයක්‌ වන බවද පැවසූ ඒ මහතා මෙසේ මත්පැන් භාවිත කරන බහුතරය වතු ආශ්‍රිත ප්‍රජාව බවට හෙළිවී තිබේ. 

වතු කම්කරුවකුගේ දෛනික ආදායම රුපියල් 800 ක්‌ පමණ ද වතු කම්කරු කාන්තාවකගේ දෛනික ආදායම රුපියල් 600 ක්‌ පමණද වන බැවින් මෙසේ ඉන් වැඩි කොටසක්‌ මත්පැන් ස`දහා වැය කිරීමෙන් ඔවුන්ගේ දිළිඳු බව සහ සමාජ, ආර්ථික ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වන බවද පෙන්වා දුන්නේය. 

එසේම මත්පැන් ව්‍යාපාරය තුළින් රජය යම් ආදායමක්‌ ලැබුව ද සමාජයේ යහපැවැත්ම හා ජනතාවගේ යහපත උදෙසා ජනතාව මත්පැන් භාවිතයට ඇබ්බැහි වීම හා භාවිතය අවම කිරීම උදෙසා විශේෂ වැඩසටහනක්‌ ක්‍රියාවට නංවා ඇති බවත් ඌව පළාත් සහකාර සුරාබදු කොමසාරිස්‌ පී. එච්. සී. සිල්වා මහතා වැඩිදුරටත් ස`දහන් කළේය.

Rate this item
(0 votes)