April 30, 2024

සීනි සහිත පලතුරු යුෂ ළමා දත් ගලවයි

සීනි සමඟ පලතුරු යුෂ පානයට ලබා දීමෙන් දෙමාපියන් දරුවන්ගේ දත් දිරාපත් කරන බවට දන්ත වෛද්‍යවරු චෝදනා කරති.

සිය දරුවන්ට වඩාත් පෝෂ්‍යදායී දේ ලබාදෙන බවට දෙමාපියන් කල්පනාකළද පලතුරු යුෂවල ඇති සීනි දත් විනාශ කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි.

විශේෂයෙන් ප්‍රධාන ආහාරවේල් වලින් බාහිරව නිරන්තරයෙන් සීනි සහිත ආහාර හා බීම වර්ග පානය දත් දිරායාමට ප්‍රධාන හේතුව බව මෙම අධ්‍යයනය කළ බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ උපදේශක මහාචාර්ය ඩේමියන් වොල්ම්ස්ලි පවසයි. 

වයස අවු 2 කට අඩු ළමුන් 1200 කට වැඩි සංඛ්‍යාවක් දත් දිරායාම හේතුවෙන් පසුගිය වසරේදී රෝහල් ගත කරනු ලැබූහ. ඉන් බහුතරයකගේ දත් දිරායාමට හේතුව ඔවුන්ට බෝතලයෙන් පලතුරු යුෂ ලබා දීමයි. 

Rate this item
(0 votes)