April 30, 2024

කිරි සුවද දැනෙන්නත් කළින් බිළින්දා රේල් පාරට විසිකරලා (VIDEO)

දරුවෙකු කුස තුළ පිළිසිඳ දා ගත් පටන් දරුවා මෙලොවට බිහිවන තුරු මවක් සිටින්නේ නොඉවසිල්ලින්. ඒ, මවකට ඇති උතුම්ම සම්පත, දරු සම්පත නිසාවෙන්.

නමුත් ඒ උතුම් දරු සම්පත මෙලොවට බිහි වූ දිනයේම මහමග දමා ගිය පුවතක් අද මීරිගමින් වාර්තා වුණා.

මීරිගම දුම්රිය ස්ථානය ඉදිරිපිට රේල් පාරේ බිළිදු මළ සිරුරක් ඇති බවට දුම්රිය ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරයා පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර බිළිදාගේ මළ සිරුර හමුවූයේ දුම්රිය මාර්ගයේ තිබියදී.

මීරිගම පොලීසියේ නිලධාරීන් පැමිණ සිදු කළ මූලික පරීක්ෂා කිරීම් වලදී බිළිදා අලුත උපන් අයෙකු බවට හදුනාගෙන තිබෙනවා.

දරුවාගේ සිරුර සොයා ගත් ස්ථානයේ තිබී වැදෑමහ සහ පෙකණි වැලේ කොටස් ද හමු වුණා.

දරුවා දුම්රියේදී ප්‍රසූත කර හෝ වෙනත් ස්ථානයක ප්‍රසූත කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇද්දයි මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධියට සම්බන්ධ කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර මීරිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

Rate this item
(0 votes)