May 04, 2024

හුස්ම පොදට සටන් වදින මොරගහකන්ද අසරණයින් (VIDEO)

මහවැලි යෝජනා ක්‍රමයේ මෙරට ඉදිකරන අවසන් ජලාශ දෙක අතරින් මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීම පසුගියදා ආරම්භ විය.

ප්‍රධාන සොරොව්ව වසා දැමීමත් සමග අබන්ගග දිගේ ගලා ආ ජලය පදිංචිය අතහැර දැමු ගම්මාන වගේම අක්කර දහස් ගන නාවක මහා වනපෙතද ජලයෙන් දිනෙන් දින යටවෙමින් පවතී. ලංකා සිතියමෙන් ගම්මාන රැසක් වගේම ප්‍රධාන මාර්ග රැසක්ද මේ ආකාරයට සදහටම ජලයේ වැසීයමින් පවතී.

එමෙන්ම ජලය පිරෙන විට මේ ප්‍රදේශයේ ජීවත්වූ කුරා කුහුබුවා සිට විශාල සතුන් ප්‍රමාණයක් දිවි ගලවා ගැනීමේ මහා සටනක යෙදී සිටින සංවේදී දසුන් මෙහිදී අපට දැකගන්නට හැකිවිණි. 

ජලාශය පිරෙන වා බලන්නට එන පරිසරයට සතා සිව්පාවුන්ට ආදරය කරන පිරිස් මේ කුඩා සතුන්ගේ ජිවිත තවත් දිනකට දෙකකට දීර්ග කරදෙන්නට වෙහෙසෙති.

වනජීවී නිලධාරි කණ්ඩායමක් පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් එක්ව බෝට්ටු මගින් ගොස් තැන තැන අතරමංවී සිටින වන සතුන්ගේ ජිවිත බේරා ගැනීමේ සටනක යෙදී සිටිති.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 January 2017 10:11