May 04, 2024

ගණිකාවන් සපයා පොලීසියට මාට්ටු (VIDEO)

පාදුක්ක ප‍්‍රදේශයේ සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් කොටුකරගැනීමට පාදුක්ක පොලිසිය සමත් වුණා. 

උපාය දුතයෙකු යොදවා සිදුකළ වැටලීමේදී ගණිකා ජාවාරමේ නිරත වූ බව කියන කාන්තාවන් දෙදෙනෙකු හා ඊට අනුබල දුන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

පාදුක්ක සේනානායක ප‍්‍රදේශයේ නවාතැන් පලක මෙම ගණිකා ජාවාරම සිදුකරගෙන ගොස් තිබුණා. ඒ පිළිබඳව පාදුක්ක පොලිසියට ලැබුණු තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා මෙම වැටලීම සැළසුම් කරනු ලැබුවා. ඒ අනුව ත‍්‍රීරෝද රථයකින් කාන්තාවන් දෙදෙනෙක් අදාල හෝටලය වෙත රැගෙන ඒමෙන් අනතුරුව පොලිසිය එම ස්ථානය වටලනු ලැබුවා.

කාන්තාවන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගත් අතර අදාල නවාතැන්පොලේ කළමනාකාරවරයා හා ත‍්‍රීරෝද රථ රියදුරෙකු ද පොලිස් භාරයට ගැනුණා. රුපියල් 4000 ත් 5000 ත් අතර මිල ගණන්වලට මෙම කාන්තාවන් තම සේවය සපයා ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ.

මීගොඩ ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් හා 26 හැවිරිදි ගාල්ල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද මෙසේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ ගණිකාවන් සැපයීමේ චෝදනාවට මෙම නවාතැන්පොල මීට පෙර ද පොලිසිය විසින් වටලා ඇති බවයි.

 

Rate this item
(0 votes)