May 04, 2024

සංහිඳියාව නටඹුන් අතරින් මතුවෙයි (VIDEO)

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමගම ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැණියොන්, පොල්පිටිය, විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වලට ජලය සපයන කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මටිටම 40% දක්වා පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි හතලිය දක්වා පහත බැසිමත් සමගම එම ජලාශය ඉදිකිරීමේදී මස්කෙළිය පැරණි නගරයේ තිබු ජලාශයට යටවු පන්සලක් හින්දු කෝවිලක් ඉස්ලාම් පල්ලියක් හා ගල් පාලමක නටඹුන් යලි මතුවිමට පටන්ගෙන තිබෙනවා.

එම නටඹුන් අනුව පන්සල කෝවිල පල්ලිය එකම ස්ථානයක පිිහිටා තිබි ඇති බවට මෙම නටඹුන් අනුව අනාවරණය වනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 January 2017 18:05