May 04, 2024

සුපිරි නිළිය Wedding එකට ළමා කෑම දීලා

“The Legend of Tarzan” චිත්‍රපටයේ ජේන්ගේ චරිතයට පණ පොවන  ප්‍රධාන නිළිය වන මාර්ගට් රොබී පිළිබඳ මේ දිනවල යළිත් කතාබහක් ඇතිව තිබේ. 

ඒ පසුගියදා ඇය යුග දිවියට එළඹුණු පුවතත් සමගිනි. ඇගේ අත ගෙන ඇත්තේචිත්‍රපට අධ්‍යක්ෂ ටොම් ඇකර්ලේ බව සඳහන් වෙයි.

විවාහ මංගලෝත්සවය මහ ඉහළින් පැවැත්වුණත් එයට සහභාගි වූවන්ට භුක්ති විඳීමට ලැබුණේ සාමාන්‍යයෙන් එවැනි උත්සවයකදී සංග්‍රහ නොකරන ආහාර වර්ග දෙකක් පමණකි.

ඒපීසාසහ කොකෝ පොප් (විශේෂයෙන්ම කුඩා ළමයින්ට ලබාදෙන ධාන්‍යමය ආහාරයක්) බව කියවෙයි. චොකලට් මුසුවූ කොකෝ පොප්කුඩා බඳුන්වලට දමා සංග්‍රහ කෙරුණු බවද මාධ්‍ය සඳහන් කරයි.

මෙවැනි සරල කෑම බීමවලින් සංග්‍රහ කෙරුණේ වියදම අඩු කරගන්නට නොව, සම්ප්‍රදායෙන් බැහැර වූ මංගල උත්සවයක් පවත්වා කාගේත් අවධානය දිනාගන්නට තමන්ට අවශ්‍ය වූ නිසා යැයි මාර්ගට් පවසයි.

විවාහ මංගල්‍යයක ප්‍රධාන අංගයක් වන මංගල කේක් එකදමෙහි දක්නට නොලැබුණු බවද සඳහන් වෙයි.

ටොම් – මාර්ගට් විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ කූරාබෙල් ප්‍රදේශයේ මුහුද ආසන්නයේ පිහිටි හෝටලයකය.

මෙම කාරණාව නිසා ඇය මේ දිනවල බොහෝ ජනප්‍රිත්වයට පත්ව ඇති අතර, ඊට අමතරව ඇය පිළිබඳ තවත් කතාබහට ලක්වන්නේ මේ වසරේ තිරගත වීමට නියමිත “Untitled A.A. Milne Project” චිත්‍රපටය හේතුවෙනි. මාර්ගට් රොබී මෙහි ප්‍රධාන චරිතය සඳහා දායක වන අතර, මෙම චිත්‍රපටය ඇමෙරිකාවේ සිදුවූ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවකි.

That's unusual: According to reports, Margot Robbie had Coco Pops as dessert at her 'secret wedding' to beau Tom Ackerley (seen recently)

2017-01-12-ent-512017-01-12-ent-55

2017-01-12-ent-52

 
Rate this item
(0 votes)
Last modified on Friday, 13 January 2017 11:50