May 05, 2024

දුම්බීම සඳහටම නවත්තන අමුතු ක්‍රමයක් එයි

දුම්බීම සඳහටම නැවැත්වීමේ ක්‍රමයක් රැසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව 2015 වසරේ සහ ඉන් පසුව උපන් අයට දුම්කොළ නිශ්පාදන විකිණීම සම්පූර්ණ වශයෙන් තහනම් කිරීමට ඔහු යෝජනා කරනවා.

මෙය දුම්බීමට තිත තැබීමේ යෝධ පිම්මක් ලෙස සැළකිය හැකි අතර 2015 දී උපන් අය මෙම තහනමට ලක්වන්නේ 2033 දීය. එනම් 2015 උපන් අය වයස අවු 18 පත්වන විට ඉබේම මෙම තහනමට ලක් වෙයි.

එමෙන්ම මෙම ක්‍රමය මඟින් 2033 න් පසු දුම්කොළ නිශ්පාද විකිණීම සම්පූර්ණයෙන් නීති විරෝධිවනු ඇති.

මෙම යෝජනාව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වන අතර මෙම අදහස ලෝකයේ බොහෝ රටවල අවධානය දිනාගෙන තිබෙනවා.

 
Rate this item
(0 votes)