May 04, 2024

දමිත් අසංක වේදිකාවට සමුදෙයි!

දමිත් අසංක කියන්නේ ලංකාවේ කවුරුත් දන්න ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේම දමිත්ගේ මේ දිනවල ජනප්‍රියම ගීතය වන්නේ මේ රිදුම් ගීතයයි.

දිගු නිහැඬියාවකට පසු එළිදැක්වූ නවතම ගීතය පිළිබඳව සහ වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔහු සමග කළ සංවාදකදී ඔහු ප්‍රසංග වේදිකාවට සමු දෙන බවක් කියලා තිබුණා.

එම සංවාදයේ කොටසක් පහතින්

'මේ රිදුම්' කියන ගීතය ලිව්වෙ රාජාංගණේ හාමුදුරුවෝ. සංගීතය ප්‍රියන්ත නාවලගේ විසින්. එහි රූප රචනාවකුත් කළා. රූප රචනාව ගැන මම කතා කරන්න කැමති නැහැ. මොකද මට ඒක තේරෙන්නෙ නැහැ. රසිකයන්ගේ කැමැත්ත මත රූප රචනාවක් කරනවා ඇරෙන්න කිසිම කෙනෙක් කැමැත්තෙන් රූප රචනාවක් කරන්නෙ නැහැ. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ඔබ කාලයක් නිහඬව ඉඳලා තමයි මේ ගීතය ඉදිරිපත් කළේ. එයට හේතුවක් තියෙනවාද?

නිහඬ වෙලා කියන්නේ මම ගොඩක් වෙලාවට මධ්‍යම ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්නේ. අද කාලෙ ඒ වචනයේ තේරුමවත් දන්නෙ නැති සමාජයක් තියෙන්නේ. අපි කෑ කෝ ගැහුවෙ නැති වුණාට වැඩ ටිකක් කරගෙන යනවා. දැනට ‘ඊ මේල්’ කියන නමින් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ජා ඇල තමයි අපි පුහුණුවීම් කරගෙන යන්නේ. එය වැල්ලවායට අරගෙන යන්න අදහස් කරලා තියෙන්නේ. ඒ වගේම මම තව අවුරුද්දකින් විතර ප්‍රසංග වේදිකාවට සමුදෙන්න අදහස් කරලා තියෙනවා.

එවැනි තීරණයක් ගත්තේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳව කලකිරීමෙන්ද?

නෑ කිසිම කලකිරීමක් නැහැ. ජීවිතය එකාකාරී විදියට ගෙනිච්චොත් මම හිතන්නෙ කලකිරීම ඇතිවෙයි කියලා. ඒ නිසා කලකිරෙන්න කලින් ධර්ම අබෝධයෙන් යුතුව ඉවත් වෙන්න හිතුවා. අනිත් පැත්තෙන් දක්ෂ නවකයෝ ඉන්නවා. ඒ අයට ඉදිරියට එන්න අවස්ථාව දෙන එකත් බලාපොරොත්තුවක්. මේක බදාගෙන ඉන්න ඕන නැහැ. අපි නිහඬ වෙන්න ඕන.

ඔබ ආගම දහමට වැඩි වශයෙන් යොමුවෙච්ච බවක් පෙනෙන්නට තිබෙනවා නේද?

පසුගිය අවුරුදු කීපයක ඉඳන් බුද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනයක ඉන්නවා. ආගමට වඩා දර්ශනයටයි කිට්ටු වෙලා ඉන්නේ. දර්ශනය ඉගෙන ගන්න ඕන මුලින්. ඒ වගේම මගේ ලොකු අශාවක් තියෙනවා විශ්වයේ තියෙන ඇත්ත හොයාගන්න. ඒ පිළිබඳවත් මම අධ්‍යයනයක ඉන්නවා.

මහනදම් පිරීම සඳහා අදහසක් තිබෙනවාද?

එහෙම අදහසක් තාම නැහැ. නමුත් මම කැමතියි බුද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනය කරන්න. එහෙම කරන්නේ කිසිම කලකිරීමකින්වත් වෙනත් දෙයක් නිසාවත් නෙවෙයි, එය මගේ අශාවක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 January 2017 07:28