May 05, 2024

සිකුරා හෙට ළං වෙයි

සෞරග්‍රහ මණ්‌ඩලයේ සිකුරු ග්‍රහලෝකය දීප්තිමත්ව සහ පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට පෝය දින වන හෙට (12 ) හැකිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

පෝය දින ඉර බැස ගිය පසු සිකුරු ග්‍රහයා දීප්තිමත්ව ලෙස සහ පෘථිවිය ආසන්නයට පැමිණෙන බව ද චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ඉර බැස ගිය පසු පැය තුනක්‌ පමණ සිකුරු ග්‍රහයා පැහැදිලිව දැක බලාගත හැකි බව ද ඔහු සඳහන් කළේය.

සිකුරු ග්‍රහයා එදින තෙවැනි දීප්තිමත් ග්‍රහලෝකය වන බව ද, මෙවැනි සිදුවීමක්‌ ලබන වසරේ අගෝස්‌තු මාසයේදී ද සිදුවන බව ද ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)