May 04, 2024

ගව අම්මයි පැටවුන් දෙන්නයි පණ පිටින් මස් කරලා (PHOTOS)

ගෙවත්තක බැද සිටි කිරි එළදෙනක්, මාස හයක හා අවුරුද්දක් වයස කුඩා පැටව් දෙදෙනෙක් කිසියම් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රී රැගෙන ගොස් සොහොන් භූමියක මරා දමා ඔවුන්ගේ මස් රැගෙන හම පමණක් සොහොන මත දමා ගිය දුක් බර පුවතක් දඹුල්ල ඇතා බැදිවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නිමල් හේරත් මහතා විසින් මේ කිරිහරක් රැකබලා ගෙන තිබේ.

ඔවුන්ගේ අසරණ කම නිසා දානපතියකු විසින් මේ ගව දෙන ලබාදුන් බවයි ප්‍රදේශවාසින්  පවසන්නේ 

තම ගෙවත්තේ ගසක ගැට ගසා මේ සතුන් සිටි බවත් අලුයම හතරට පමණ කිරි දෙවීමට එළදෙන අසලට එද්දී සතුන් නොසිටි බවයි කිරි එළදනගේ හිමිකරු වූ නිමල් හේරත් මහතා පවසන්නේ

පසුව සොයා බලද්දී අසල්වැසියකු මාර්ගයෙන් සොහොනේ තම සතුන්ගේ කොටස් තිබෙන බවට දැනගෙන තිබෙනවා.

කිරි ලීටර් 10 , 12ක් පමණ වැස්සි ලබාදුන් බවද මේ දිනවල එළදෙන කිරි ලීටර් පහක් දුන් බවත් එසේ කිරි ප්‍රමාණය අඩුවුයේ ඇය ගැබ්බරව සිටි නිසාවෙන් බවත් හැඩූ කදුලින් යුක්තව ද නිමල් මහතා පැවසුවා.

තමන් මේ පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි කල බවද පොලිසිය පැමිණ ස්ථානය පරික්ෂා කල බවද ඔහු පැවසුවා.

නිමල් හේරත් මහතා දෙදරු පියෙකි. දරුවන් දෙදෙනා තවමත් පාසල් යති. 

බිරිද හා තමන් කුලී වැඩ කිරීමෙන් හා කිරි වැස්සිගෙන් ජීවිතය සරු කරගත් බවද ඔහු ප්‍රකාශ කළා.

මිට මාස කීපයකට ඉහතදී මේ ආකාරයටම කිරි දෙනුන් පස් දනකු එකම ස්ථානයක තබා මරා මස් රැගෙන ගොස් තිබෙනවා

Rate this item
(0 votes)