May 04, 2024

හිත ඇත්නම් පත කුඩාද - අවුරුදු 50 දි උසස්පෙළ සමත්වූ මවකගේ කතාව

සුභාෂිනී වික්‍ර‍මසිංහ උසස් පෙළ සඳහා තෝරාගත්තේ ජීව විද්‍යා විෂයධාරාවය. පැවති වාතාවරණය හමුවේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නට ඇයට හැකියාව ලැබුණේ නැත.

1986 වසරේ උසස් පෙළ විභාගයට ඇය සූදානම් වූයේ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ සිසුවියක ලෙසිනි. අනතුරුව විභාගය පසෙක තැබූ ඇය විවාහය තෝරා ගත්තාය. ඉගෙන ගන්නට ඇළුම්කළද දරු දෙදෙනා ලොකු මහත්වනතෙක් ඒ බරද ඇයට දරන්නට වූ නිසාම ඒ අශාව තිබුණේ යටපත්වය.

පවුලේ බාලයා වූ දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ පසුගිය වසරේය. ඇය විශ්වවිද්‍යාල වරම් ලැබුවාය. අම්මාගේ ඉගෙනීමේ ආශාවට දුවගෙන් ලැබුණු ඉල්ලීම නිසාම ඇය 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානම් වූවාය.

“මම ඉගෙනගන්න තියෙන අශාවට ඒ වෙද්දි චීන භාෂාව ඉගෙන ගනිමින් හිටියෙ. මම උසස් පෙළට තෝර ගත්තෙ චීන භාෂාවයි, බෞද්ධ ශිෂ්ඨාචාරයයි, ඉතිහාසයයි. දුවගේ සටහන් කියවල තමයි බෞද්ධ ශිෂ්ඨාචාරයටයි, ඉතිහාසයටයි සූදානම් වුණේ.“ සුභාෂිනී අප සමග පැවසුවාය.

ඇයට 2016 උසස් පෙළ විභාගයෙන් චීන භාෂාවට බී සාමාර්ථයක් සහ ඉතිරි විෂයන් දෙකට සී සාමාර්ථ දෙකක් ලැබී ඇත්තේ ඉගෙන ගන්නට ඕනෑකම්ක් ඇත්නම් ඊට අන් කිසිදු දෙයකින් බාධාවක් නැතැයි පසක් කරමිනි.

al-amma-www-nethgossip-lk00001

Rate this item
(0 votes)
Last modified on Monday, 09 January 2017 15:54