May 05, 2024

බලාපොරොත්තුවේ පියසටහනට ඔබත් එකතුවෙන්න

රුහුණ විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා මූල්‍ය පීඨයේ 2009 සහෝදරත්වය විසින් හෘදයාංගමව සංවිධානය කරනු ලබන “සහෝදරත්වයේ පියසටහන් සේදී නොයනු පිණිස..“ යනුවෙන් නම්කර ඇති ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශය වෙත උදෑසන දානය පිළිගැන්වීම සහ ඔවුන් සමග සුහදත්වය වර්ධනය කරගැනීමේ මානුෂීය මෙහෙවර 2017 පෙබරවාරි 25 වැනි දා එම රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

දැනට එම රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශයේ නේවාසික රෝගීන් 280ක් වාර්තාවන අතර ඉන් 100 කට ආසන්න ප්‍රමාණයක් අපේම පුංචි දරුවන්ය. එවන්වූ පිරිසකට සහෝදරත්වයෙන් ආහාර වේලක් ලබාදීම සහ ඔවුන්ගේ සුවදුක් බෙදාගනිමින් දිනක් ගතකිරීම සහෝදරත්වය මෙන්ම පරිපූර්ණ මෙහෙවරක් සේ හැඳින කළමණාකරණ හා මූල්‍ය පීඨයේ 2009 ශිෂ්‍ය කණ්ඩායම මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන සඳහා අහාර ද්‍රව්‍ය, පළතුරු වර්ග සහ දරුවන් සඳහා සෙල්ලම් බඩු වැනි දෑ මෙන්ම මුදලින් උපකාර කිරීම සඳහා කැමැත්තක් දක්වන  හදවතක් ඇති අපේම මිනිසුන්ට ආරාධනා කරන බව එම ශිෂ්‍ය කණ්ඩායම ඉතාම කැමැත්තෙන් සඳහන් කරයි. එලෙස දායකත්වයක් දක්වන්නට කැමැත්තක් ඇතිනම් දුරකතන අංක 077-9011094/0718819045 හරහා එම ශිෂ්‍ය කණ්ඩායමේ සහෝදරයින් සම්බන්ධ කරගෙන මෙම මහඟු කර්තව්‍යයට දායක විය හැකිය. ජීවිතයේ නොසිතූ විරූ අසරණකමකින් බලාපොරොත්තුවේ සිහින දකිමින් සිටින අපේම මිනිසුන් පිරිසක් වෙනුවෙන් ඔබත් එකතු වන්න.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 January 2017 18:15