May 05, 2024

ගණිත අංශයේ ප්‍රථමයා දිවියෙන් සමුගත් සංවේදී කථාව

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වීමත් සමඟ වවුනියාවෙන් ඇසුනේ මෙවන් සංවේදී පුවතක්.

සත්‍යනාදන් ශිවදුර්ගා නම් සිසුවිය අධ්‍යාපනය ලබා ඇත්තේ වව්නියාව රම්බෙයිකුලම් කාන්තා විද්‍යාලයෙන්.

ඇය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව දැනගන්නට ලැබුනේ ඇය දිස්ත්‍රික්කයේ පළමු තැන හිමිකරගෙන ඇති බවයි.

නමුත් ඇය ඒ ප්‍රතිඵල දකින්නට ජීවත්ව සිටියේ නැහැ. පසුගිය ඔක්තොම්බර් මාසයේ කුරුණෑගල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මහව - සිංහාරගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් ඇය මෙලොව හැරගියා.

ඔවුන් ගමන් ගත් කැබ් රථය මාර්ගය අසළ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කැබ් රථයේ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බවට සැක කෙරෙනවා. ඔක්තෝබර් මාසයේ 11වැනිදා සිදුවූ මෙම රිය අනතුරින් ඇයගේ ඥාති වෛද්‍යවරියක් සහ තවත් අයෙක් ද මියගියා.

අද උදෑසන නිකුත් වූ 2016 වසරේ උසස්පෙළ ප්‍රතිඵල වලට අනුව ඇය වව්නියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇති බවටයි වාර්තා වන්නේ.

 

Rate this item
(0 votes)