May 05, 2024

මාර්ක් සකර්බර්ග් දේශපාලනයට ?

2020 වර්ෂයේ දී මාර්ක් සකර්බර්ග් දේශපාලනයට පිවිසෙන බවට මේ වන විට විවිධ කටකතා පැතිරෙනවා.

2017 වසරේ දී අමෙරිකාවේ ප්‍රාන්ත 30ක් හරහා ගමන් කර ජනතාවගේ අදහස් දැනගැනීමට තමා බලාපොරෝත්තු වන බව මාර්ක් සකර්බර්ග් පවසා තිබෙනවා.

විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ මෙලෙස ජනතාවගේ අදහස් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරණයක් සඳහා තරඟවැදීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකු බවයි.

ඒ නිසා ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නොබෝ කලකින් දේශපාලනයට එක්විය හැකි බවට විවිධ පුද්ගලයන් මත පළ කර තිබෙනවා.

තවත් ආන්දෝලනාත්මක කාරණයක් වන්නේ සකර්බර්ග් විසින් තමන් දේශපාලනයට සම්බන්ධවීමේ සම්භාවිතාව කෙසේද යන්න පිළිබඳව ඔහුගේ සංගමයේ සාමාජිකයන් හා එක්ව සාකච්ඡා කර තිබීමයි

Rate this item
(0 votes)