April 30, 2024

2017 නැරඹිය යුතු සුපිරිම FILMS මෙන්න (VIDEO)

2017 කියන්නේ චිත්‍රපටලෝලීන්ට නම් අලුත් අත්දැකීමක් වගේම ඔවුන්ගේ හීන සැබෑවන අවුරුද්දක්. මන්දයත් බොහෝ චිත්‍රපට එළිදක්වන්නේ 2017 වසර තුළ බැවිනි. එම චිත්‍රපට අතරින් ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපට මෙහි දැක්වෙයි.

"Underworld: Blood Wars"

2012 වර්ෂයේදී එළිදැක්වූ "Underworld: Awakening" චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස ඇනා ෆෝස්ටර් අධ්‍යක්ෂණය කරනු ලබන "Underworld: Blood Wars" චිත්‍රපටය ජනවාරි මාසය තුළ එළිදැක්වීමට නියමිතය. මෙය ඇමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක. මෙහි නිෂ්පාදකවරයා වන්නේ ටොම් රොසන්බර්ග්ය. ප්‍රධාන චරිතය සඳහා "Underworld: Awakening" හි ප්‍රධාන චරිතයට පණ පෙවූ කේට් බැකින්සල් සහ අලුතින් ප්‍රධාන නළුවා ලෙස තෙඕ ජේම්ස් දායකත්වය දක්වයි.

"The Bye Bye Man"

ඇමෙරිකානු Horror චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය කරනු ලබන මෙම චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ Robert Damon Schneck විසින් රචිත The Bridge to Body Lsland ග්‍රන්ථය ඇසුරෙනි. ස්ටැසි ටයිටල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය පිසාචයන් වටා ගොඩනැඟුණු කතාපුවතක් ඔස්සේ දිගහැරේ. ඩග්ලස් ස්මිත් සහ ලූසින් ලාවිස්කවුට් ප්‍රධාන රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ජනවාරි 13 වැනිදා එළිදැක්වීමට නියමිතය. මෙහි පිරිවැය ලෙස සඳහන් කරනු ලබන්නේ ඇ.ඩො මිලියන 6කි.

"Sleepless"

බරන් බෝ ඔඩාර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ %Sleepless^ චිත්‍රපටය පැහැර ගැනීමක් වටා ගොඩනැඟුණු ක්‍රියාදාම චිත්‍රපටයකි. ජෙමී ෆොක්ස් සහ ටී.අයි. මෙහි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වන මෙහි ලාස් වේගාස්හි පොලිස් නිලධාරියෙකු විසින් පැහැර ගැනීමකට ලක්වූ පුතෙකු සොයා කරනු ලබන මෙහෙයුමක් අන්තර්ගතව ඇත. මෙම සිනමාපටය ජනවාරි 13 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ.

"Monster Trucks"

ක්‍රිස් වෙජ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සහ මේරි පේරන්ට් විසින් නිෂ්පාදනය කළ Monster Trucks චිත්‍රපටය ජනවාරි මස එළිදැක්වීමට නියමිත තවත් සිනමාපටයකි. Paramount Animation ආයතනය විසින් නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන ත්‍රිමාණ චිත්‍රපටයක් වන මෙය ඇ.ඩො. මිලියන 125 ක පිරිවැයක් දරා නිපදවා තිබේ.

"XXX: Return of Xander Cage"

පසුගිය වසරේ බොහෝදෙනෙකුගේ අවධානයක් යොමු වුණ චිත්‍රපටයක් ලෙස %XXX: Return of Xander Cage^ චිත්‍රපටය හැඳින්විය හැකිය. ඩී.ජී කරුසෝ විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙහි පළමු ප්‍රදර්ශනය ඉන්දියාවේ තිරගත කිරීමට සූදානම් බව සඳහන් වෙයි. මෙහි ප්‍රධාන චරිතය සඳහා දායක වනු ලබන වින් ඩීසල් නිෂ්පාදකවරයෙකු ලෙසද කටයුතු කරනු ලබයි. ඉන්දියානු නිළියක වන දීපිකා පදුකෝනි මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙයි. ජනවාරි 20 වැනිදා මෙය එළිදැක්වීමට නියමිතව තිබේ.

"A Dog's Purpose"

ලෙස් හල්ස්ට්‍රෝම් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන %A Dog's Purpose^ චිත්‍රපටය W. Bruce Cameron විසින් රචිත %A Dog's Purpose^ නම් ග්‍රන්ථය ඇසුරෙන් නිපදවූවකි. ජනවාරි 27 වැනිදා එළිදැක්වීමට නියමිත මෙම සිනමාපටයෙහි ප්‍රධාන චරිතය සඳහා බ්‍රිට් රොබර්ට්සන් සහ ඩෙනිස් කුයිඩ් දායක වනු ඇත.

"Resident Evil: The Final Chapter"

2012 වර්ෂයේදී එළිදැක්වූ "Resident Evil: Retribution" චිත්‍රපටයේ අවසානය අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර ඇති %Resident Evil: The Final Chapter^ චිත්‍රපටය පෝල් ඩබ්. එස්. ඇන්ඩර්සන් විසින් අධ්‍යක්ෂණයකර තිබේ. ද්විමාන සහ ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ මෙම චිත්‍රපටය නිෂ්පාදනයකර තිබේ. මෙම සිනමාපටයද ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිතය.

Guardians of the Galaxy

Justice League

WONDER WOMAN

Logan

War for the Planet of the Apes

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 January 2017 12:31