April 30, 2024

හිරෙන් පැන්නා මදිවට සෙල්ෆි ගහලා FB ත් දාලා

මැනොස් නගරයේ බන්ධනාගාරයකින් පැන යමින් සිටින අතරතුර තම ෆේස්බුක් පිටුව යාවත්කාලීන කළ රැඳවියෙක් පිළිබඳ බ්‍රසීලයෙන් වාර්තා වනවා. 

කොල්ලකෑමක් සම්බන්ධයෙන් දඬුවම් නියමව බන්ධනාගාර ගත කෙරුණු බ්‍රයන් බ්‍රෙමර් පළා යමින් සිටින තවත් රැඳවියන් දෙදෙනෙකු සමග එක්ව ගත් සෙල්ෆි ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පළ කොට තිබෙනවා.

මැනොස් නගරයේ බන්ධනාගාර දෙකක රඳවා සිටි සිරකරුවන් කණ්ඩායමක් ඉන් පළා ගොස් ඇත්තේ පසුගිය ඉරිදායි.

ඉන් එක් බන්ධනාගාරයක් තුළ කැරලිකාරී වාතාවරණයක් හටගෙන ඇති අතර එහිදී සිරකරුවන් පනස් හය දෙනෙකු මරුමුවට පත් වුණා.

රැඳවියන්ට අන්තර්ජාලය භාවිත කිරීම තහනම් කොට ඇති නමුත් බ්‍රෙමර් සිරගත වී සිටියදීත් සිය ෆේස්බුක් ගිණුම භාවිත කොට ඇති බව සදහන්.

වාසිබස් දොඩමින් බ්‍රෙමර් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ ඡායාරූප බ්‍රසීලයේ සමාජ ජාල තුළ විශාල වශයෙන් පළ වෙමින් තිබෙනවා.

බ්‍රෙමර් සමග ඡායාරූපයට පෙනී සිටි එක් සිරකරුවෙකු ඇතුළු පළා යමින් සිටි රැඳවියන් හතළිස් දෙනෙක් අල්ලා ගත් බව බ්‍රසීල බලධාරීනී පවසනවා.

Rate this item
(0 votes)