April 30, 2024

කතකගේ නිතඹ මිරිකූ වෙද සිසුවා සැමියාටත් පහර දීලා

සැණකෙළියකදී තෙරපෙන අතරතුර විවාහක කාන්තාවකගේ පසුපස ප්‍රදේශය මිරිකා ඒ ගැන ප්‍රශ්න කිරීම නිසා ඇයගේ සැමියාට පහරදී ඇති වෙද සිසුවෙකු මේ මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයකු බව කියන හාලිඇල උඩුවර පදිංචි තරුණයෙකි.

බදුල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියකදී තෙරපෙන අතරතුර මෙම පුද්ගලයා විවාහක කාන්තාවකගේ පසුපස ප්‍රදේශය මිරිකා ඇති අතර ඒ පිළිබඳ ඇය විසින් සැමියාට දැනුම් දීමෙන් පසු සැමියා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇත.

මේ අවස්ථාවේදී සිදුවූ බහින්බස්වීමකින් සැකකරු කාන්තාවගේ සැමියාට ද පහර දී තිබේ.

පහරකෑමට ලක්වූ සැමියා බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

 
Rate this item
(0 votes)