April 30, 2024

ලංකාවම ගිනියම් කළ මාතර කප්පම් කල්ලියේ CCTV වීඩියෝව

මාතර නගරයේ බස් නැවතුම්පොළේ පිහිටි හෝටලයකට පැමිණි කප්පම්කරුවන් පිරිසක් පසුගිය පළවෙනිදා උදෑසන රුපියල් පන්දහසක මුදලක් ඉල්ලා සිටිනවා.  

මුදල් අයකමිවරයා එම මුදල දීමට මැලිවන අවස්ථාවේදී කප්පම්කරුවන් විසින් ඔහුට පහරදිමක්ද සිදු කරනවා.

මාතර නගරාසන්නයේම පදිංචිකරුවන් වන මෙම කප්පම්කරුවන් පිරිසක් පිහියක් වැනි ආයුධ රැගෙන මුදල් අයකැමිවරයා බියවැද්දීමට උත්සහා දරනවා. දිගින් දිගටම තර්ජනය කර රුපියල් 5000ක මුදලක් ඔවුන් විසින් ලබා ගන්නවා.

මුදල්අයකැමිවරයාට අවස්ථා කිහිපයකදීම පහරදෙන කප්පම්කරුවන් පරුෂ වචනයෙන් ඔහුට බැන වදින අාකරය ද CCTV කැමරාවේ දර්ශන වලින් සහ හඬ පටන් පැහැදිලිව ඇසෙනවා.

මාතර පොලීසිය මෙම පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)